කොවිඩ් නීති රීති නොතකමින් ජනතාව එක් රැස් වූ නුවරඑළිය වසන්ත උදානය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
24

කොවිඩ් නීති රීති නොතකමින් ජනතාව එක් රැස් වූ නුවරඑළිය වසන්ත උදානය

කොවිඩ් නීති රීති නොතකමින් ජනතාව එක් රැස් වූ නුවරඑළිය වසන්ත උදානය

මේ දිනවල පැතිර යන Covid-19 වෛරසය අවදානම නිසා විනෝද චාරිකා සහ ජනතාව එක්රැස් වන ක්‍රියාකාරකම් නොකරන ලෙස රජය දන්වා තිබියදීත් අද දිනයේ දී නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් එක් රැස් වී සිටියා.

 

ඒ මේ දිනවල පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව පැවැත්වෙන උත්සව හේතුවෙනුයි.

 

මෙය සංවිධානය කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභා විසිනි. එමෙන්ම ග්‍රෙගරි වැව ආශ්‍රිතව ද විශාල දේශීය සංචාරකයින් පිරිසක් එක් රැස් වී සිටිනු දකින්නට ලැබුනා.

 

නුවරඑළිය නගර සීමාවේ පිහිටි සංචාරක නිවාඩු නිකේතන වලද විශාල වශයෙන් දේශීය සංචාරකයින් නවාතැන් ගෙන සිටිනු දක්නට ලැබුණා.

 

 

views

869 Views

Comments

arrow-up