රිෂාඩ්ට පාර්ලිමේන්තුව එන්න දෙන්න එපා - සරත් වීරසේකර ගෙන් කථානායකට ඉල්ලීමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
05

රිෂාඩ්ට පාර්ලිමේන්තුව එන්න දෙන්න එපා - සරත් වීරසේකර ගෙන් කථානායකට ඉල්ලීමක්

රිෂාඩ්ට පාර්ලිමේන්තුව එන්න දෙන්න එපා - සරත් වීරසේකර ගෙන් කථානායකට ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔහුගේ ප්‍රශ්න කිරීම් අවසාන වන තුරු පාර්ලිමේන්තුවට නොකැඳවන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කලා.

 

සරත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණියහොත් මන්ත්‍රීවරයෙකුට හිමිවන පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතයෙන් කරන ප්‍රකාශ මගින් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවයි.

 

මෙම ප්‍රකාශයට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විවේචනයක් එල්ල විය.

 

මෙය අතර රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

views

659 Views

Comments

arrow-up