7 හැවිරිදි දරුවාට පහර දුන් මව සහ මිත්තණිය අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
28

7 හැවිරිදි දරුවාට පහර දුන් මව සහ මිත්තණිය අත්අඩංගුවට

7 හැවිරිදි දරුවාට පහර දුන් මව සහ මිත්තණිය අත්අඩංගුවට

තම වයස අවුරුදු 07 ක් වන පිරිමි දරුවාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සහ ඇයගේ මව පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිය මෙම සිදුවීම සහ අදාළ වීඩියෝ දර්ශන ඔස්සේ මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පල්ලවෙල පොලිසිය පවසන්නේ.

 

මෙම පවුලේ වයස අවුරුදු 16,9,7 සහ 13 වයස් වල පසුවන දරුවන් 4 දෙනෙක් සිටින දරුවන් තිදෙනෙකු සමඟ පන්සලට ගොස් ආපසු නිවසට පැමිණි මව, සිය මිත්තණියට වන්දනා කරන ලෙස දරුවාට කියා තිබුණා. එහිදී එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි මෙම දරුවාට ඔහුගේ මව විසින් පහර දී තිබුණේ.

 

පල්ලෙවෙල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර පහරකෑමෙන් තුවාල ලැබූ දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

 

 

views

556 Views

Comments

arrow-up