අසාද් සාලිගේ පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුත් හදිසියේම ඉවත් වෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
02

අසාද් සාලිගේ පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුත් හදිසියේම ඉවත් වෙයි

අසාද් සාලිගේ පෙත්සම විභාග කරන විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුත් හදිසියේම ඉවත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉන් ඉවත් වී තිබේ.

 

මෙම පෙත්සම විභාග කිරීම මුර්දු ප්‍රනාන්දු, සිසිර ද ආබෘ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ට පැවරී තිබුණි. කෙසේ වෙතත් අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු ජනක් ද සිල්වා මහතා තමා පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දී තිබේ.

 

විනිසුරුවරයාගේ මෙම ඉවත් වීමත් සමග පෙත්සම විභාගය ලබන 14 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ම අත්අඩංගුට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමින්ද මෙලෙස පෞද්ගලික හේතුවක් යනුවෙන් පවසා විනිසුරු විසින් නඩු විභාගයෙන් ඉවත්විය.

views

857 Views

Comments

arrow-up