ගංවතුර අවදානම ඉවත් කරයි - අදත් තද සුළ ඇතිවීමේ අවදානමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
27

ගංවතුර අවදානම ඉවත් කරයි - අදත් තද සුළ ඇතිවීමේ අවදානමක්

ගංවතුර අවදානම ඉවත් කරයි - අදත් තද සුළ ඇතිවීමේ අවදානමක්

මේ වන විට යාස් සුළි කුණාටුව මඟින් දිවයිනට සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලට ඇති කරන බලපෑම අඩු වී තිබෙනවා.

 

එමෙන්ම මේ වන විට ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ගංවතුර අවදානමද ඉවත් කර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ මෙරටට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසායි.

 

ඒ අනුව මෙතෙක් ගංවතුර අවදානම් නිකුත් කර තිබූ කළු, කැලණි, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය අවට ප්‍රදේශවලට පනවා තිබූ ගංවතුර අවදානම ඉවත් කර ගෙන තිබෙනවා.

 

අද (27) දිනයේදීත් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වල ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් පැයට කිලෝමීටර් 40 සිට 50 ඉක්ම වූ තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

934 Views

Comments

arrow-up