AUG
10
ආනයනික කිරිපිටි බද්ධ අඩු කිරීමට රජයේ අවධානය

ආනයනික කිරිපිටි සඳහා අය කරනු ලබන බදු අඩු කිරීම සම්බන්ධව සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මෙම බදු අඩු කිරිම දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන ලෙසට සිදුකළ යුතුව ඇතැයි ද උපදෙස් දී තිබේ.
කිරිපිටි සමාගම් කිරි පිටි ආනයනය සීමා කිරීම හේතුවෙන් වෙළඳපොළේ කිරිපිටි හිඟයක් මතුව ඇති අතර එම තත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම උපදෙස් දී ඇතැයි වාර්තාවේ.
කැබිනට් මණ්ඩලයේදී වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමුවී තිබේ.
745 Views
Comments