පානදුර රෝහලේත් මෘතදේහ 2ක් මාරුවේ - එක් දේහයක් භූමිදානයත් කරලා

කොවිඩ් මෘතදේහ දෙකක් පානදුර මූලික රෝහලේ දී ද මාරු වී ඇති බව වාර්තා වනවා.
මෙලෙස මාරු වී ඇත්තේ කොවිඩ් ආසාදිතව මියගිය වයස අවුරුදු 89ක් වන මුස්ලිම් කාන්තාවකගේ සහ 93 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මළසිරුරු ය.
මොවුන් දෙදෙනාම පසුගිය 21 වනදා මියගොස් ඇති අතර මුස්ලිම් කාන්තාවගේ ඥාතීන් විසින් 93 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවගේ දේහය රැගෙන ගොස් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමිදානයද සිදුකර ඇත.
පසුව 93 හැවිරිදි කාන්තාවගේ ඥාතීන් රෝහලට පැමිණ දේහය පිළිබඳ විමසන අවස්ථාවේදී මෙම මෘතදේහ 2 මාරු වී ඇති බව සොයාගෙන තිබේ.
1156 Views
Comments