මෙරට මව්වරු හැටහතර දහසක් පිටරට

මෙරට මව්වරු හැට හතර දහසකට වැඩි පිරිසක් විදේශගත ගෘහසේවයේ නිරතව ඇති බව වාර්තා වේ.ඒ අතර බාල වයස්කාර දරුවන්ද සිටින මව් වරු ඇතුලත්ව අැති බව වාර්තා වෙි.
වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින මවුවරුන් බහුතරයක්ද අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන් සුළුතරයක්ද එම පිරිස අතර සිටින බවයි වාර්තා මගින් සඳහන් කෙරුණේ.ඇතැම් මවුවරුන් සිය දරුවන් නිසි භාරකාරත්වයකට පත්නොකර විදෙස්ගතවීම නිසා ඇතැම් දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක්වීම්, පහරදීම්, පාසල් අධ්‍යාපනය කටයුතු කඩාකප්පල්වීම් හා නොසලකා හැරීම් වැනි විවිධ හිරිහැරවලට භාජන වී ඇති බවද සඳහන්.
මෙම හේතු නිසා නව නීති සම්පාදනය කර හෝ බාල වයස්කාර දරුවන් සිටින මව්වරුන් විදේශගත නොකර එම දරුවන්ගේ යහපත උදෙසා මෙරට රැකියා අවස්ථා උදාකර දීමට කටයුතු සූදානම් කරහොත් එම දරුවන්ගේද අනාගතය යහපත් වේ.
841 Views
Comments