නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදාහල 05 ක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
13

නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදාහල 05 ක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදාහල 05 ක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනා ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු පසුගිය සතියක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි.

 

මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු , පිටකෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද,  අත්අඩංගුවට පත්ව ඇති අතර පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

 

 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆෙස්බුක් ගිණුමට ඇතුළුවී ඔහුගේ මුරපදය වෙනස් කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

 

විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමඟ විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


 
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිතයි.

views

1681 Views

Comments

arrow-up