ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගමයේ සම්මත වේ

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට බලකරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබේ.
යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රීවරුන් 705 දෙනාගෙන් 628 දෙනෙකුම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද 15ක් පමණි. මන්ත්‍රීවරුන් 40 දෙනෙකු ඡන්ද භාවිතා කිරීමෙන් වැළකී සිටියා.
මෙම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන නීති මගින් නැවතත් එය ප්‍රතිස්ථාපනය කළ යුතුයි.
ශ්‍රී ලංකාවට මෙම විට ලබා දී ඇති GSP+ බදු සහනයද තවකාලිකව අත්හිටුවන ලෙස ඔවුන් යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා ඇත.
1501 Views
Comments