මිශ්‍ර එන්නත් ලබාදීමෙන් වැඩි ආරක්ෂාවක් - අධ්‍යනයකින් හෙළිවේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

මිශ්‍ර එන්නත් ලබාදීමෙන් වැඩි ආරක්ෂාවක් - අධ්‍යනයකින් හෙළිවේ

මිශ්‍ර එන්නත් ලබාදීමෙන් වැඩි ආරක්ෂාවක් - අධ්‍යනයකින් හෙළිවේ

කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේදී මිශ්‍ර එන්නත් ලබාදීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බවට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

 

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04 කට පසු ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බවයි එම අධ්‍යයනයෙන් හෙළිවී තිබෙන්නේ.

 

එලෙස මිශ්‍ර එන්නත් මාත්‍රා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිදේහ නිපදවීම සාමාන්‍ය එන්නත්කරණයට වඩා ඉහළ මට්ටමක පවතින බවටද එම අධ්‍යයනය මඟින් තවදුරටත් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා.

views

709 Views

Comments

arrow-up