JUN
29
නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල වැලිවත්ත ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
නාවික හමුදා බුද්ධි බුද්ධිඅංශවලට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කෙරුණි.
එහිදී එම ස්ථානයේ තිබී විදෙස් දුම්වැටි 1940ක් හමුවී ඇති අතර අත්අඩංගුවට පත් 60 හැවිරිදි සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
981 Views
Comments