සහතික මිලට බෙදන්න ගෙනා හාල්වල ගුල්ලෝ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
29

සහතික මිලට බෙදන්න ගෙනා හාල්වල ගුල්ලෝ

සහතික මිලට බෙදන්න ගෙනා හාල්වල ගුල්ලෝ

රජය ආරම්භ කර ඇති සහතික මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ සදහා එරාවුර් ප්‍රදේශයෙන් ගෙනා නාඩු සහල් කිලෝ 20,000ක් පමණ ගුල්ලන් ගසා තිබීම නිසා ඉවත් කර තිබේ.

 

අද උදෑසන සතොස සහල් ගබඩාවට ගෙන ආ මෙම සහල් තොගය රැගත් කන්ටේනර් රථයේ තත්ත්ව පරීක්ෂාව සිදු කිරීමේ දී මෙලෙස ගුල්ලන් සිටින බව හඳුනාගෙන ඇත.

 

එම කන්ටේනරය භාවිතයෙන් ඉවත්කලද එම සහල් අයිතිකරු විසින්ම තවත් සහල් කන්ටේනර තුනක්ද එවා තිබුණු බවද වාර්තා වේ.

 

මෙම ගුල්ලන් ගසන ලද සහල් තොගය අද වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ද නිරීක්ෂණයට ලක් විය.

views

861 Views

Comments

arrow-up