අනියම් පෙමින් බිහිවූ බිළිඳිය පුලුස්සා මැරූ මව අත්අඩංගුවට

කන්තලේ - පේරාරු ප්‍රදේශයේදී අලුත උපන් සිය කුඩා බිළිඳියට පහරදී ඝාතනය කර පිලිස්සූ මවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි තිදරු මවක් වන අතර ඇගේ සැමියා මැද පෙරදිග රැකියාකරන අයෙක්.
පොලීසිය සඳහන් කළේ අනියම් සබඳතාවයකින් බිහිවීම නිසා මෙලෙස මෙම බිළිඳිය ඝාතනයට කරන්නට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකාරියක්
ඇගේ වැඩිමහල් දරුවෙකු විසින් සිද්ධිය දැක තිබෙන අතර ගිනිගනිමින්හුන් කුඩා බිළිඳිය තම මව විසින් විසිකල බවයි එම දරුවා ප්‍රකාශ කර ඇත්තේ.
2781 Views
Comments