පෙර පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද(13) ආරම්භවී තිබේ.
දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000 කට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතය.
අද පෙරවරුවේ අදාළ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශකලේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්යමණ්ඩලයම එන්නත්කරණය කිරීමෙන් පසු දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව සැලසෙන බවය.
798 Views
Comments