තිස්ස වැවට පැමිණි චීන හමුදාව ගැන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
30

තිස්ස වැවට පැමිණි චීන හමුදාව ගැන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

තිස්ස වැවට පැමිණි චීන හමුදාව ගැන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

තිස්සමහාරාම ප්‍රදේශයේ තිස්ස වැවේ රොන්මඩ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය හිමි වූ චීන සමාගම හමුදා ඇඳුමෙන් සැරසී එම ප්‍රදේශයේ සිටීම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාල තහවුරු කරන්නේ එම පිරිස චීන විමුක්ති හමුදාවට අයත් පිරිසක් නොවන බවයි. එම ඇඳුම විදේශ සමාගමක සේවකයින් අදින ඇඳුමක් බව තානාපති කාර්යාලයේ පැහැදිලි කිරීමේ සඳහන්.

 

එමෙන්ම එම සමාගමට නැවතත් එවැනි ඇඳුම් භාවිතයෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.

 

ව්‍යාපෘතියක් සඳහා පැමිණි චීන ජාතිකයන් හමුදා කැලෑ නිල ඇඳුමෙන් සැරසී සිටීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා කළ විමසීමේදි චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටියා.

views

1101 Views

Comments

arrow-up