රන්ජන් වෙනුවෙන් සජිත් ගෙන ආ නිවාඩු යෝජනාව කතානායක ඉවත දමයි

බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ නිවාඩු යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම අවස්ථාවේදී කතානායක වරයා දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබා සිටින මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමාට හැකියාවක් නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිරුවෙන් නිවාඩු යෝජනා භාර ගැනීමට තමන්ට නොහැකි බව කතානායකවරයා මෙහිදී සඳහන් කළා.
කතානායක වරයා වැඩිදුරටත් කියා සිටියේ අධිකරණ තීන්දුව නුදුරේම ලැබෙන බැවින් එවර තෙක් රැඳී සිටින ලෙසයි.
517 Views
Comments