කොවිඩ් මරණ භූමදාන මාර්ගෝපදේශ මෙන්න

කොවිඩ් මරණ භූමදානය කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ ළගම ඥාතීන් දෙදෙනෙකුට ඉරණතිව් දූපතේ සිදුකෙරෙන භූමදාන කටයුතු සදහා එක්වීමට සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සහභාගි වීමේ අවස්ථාව හිමි වේ.
සෑම උදෑසනකම පෙරවරු 5.30 ට ඉරණතිව් දූපත වෙත කොවිඩ් මරණ රැගෙන යාම සිදු වේ.
මළසිරුරු පෙට්ටියේ තැන්පති කිරීමේදී හෝ භූමදානය කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම තහනම් වන අතර දේහය පෙට්ටියක තැන්පත් කළ පසුව කිසිදු හේතුවක් මත එම පෙට්ටිය නැවත විවෘත කිරීමටද අවස්ථාව හිමි නොවේ.
790 Views
Comments