බැසිල්ට දුන් ආයතන 03ක් ආපසු පවරා ගනී

බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල යන මුදල් අමාත්‍යංශය වෙත පවරා තිබූ ආයතන 03 යළි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරාගෙන තිබෙනවා.
මෙම ආයතන මීට පෙර පැවතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු යටතේයි.
නමුත් ඊයේ(08) දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම්දීමත් සමඟ මෙම ආයතන 03 ඔහු යටතට පත් කෙරුණා.
අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්, අලුතින් පිහිට වූ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පවරා තිබුණේ ආයතන 10 ක් පමණක් වන අතර නව තීරණයත් සමඟ එම අමාත්‍යංශයට ආයතන 13 ක් හිමිවුණා.
915 Views
Comments