අනතුරට ලක්වූ ගිලන් රථයේ රෝහල්ගත කෙරුණු සෞඛ්‍ය සේවකයාට කොවිඩ්

වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවූ අනතුරෙන් එහි සිටි සෞඛ්‍ය සේවකයින් 4 දෙනෙකු තුවාල ලැබීය.
හක්මන - වලස්මුල්ල ප‍්‍රධාන මාර්ගයේ දෙනගම ප‍්‍රදේශයේදී අද (25) අලුයම ගිලන් රථයක් අනතුරට ලක්වී තිබුණු අතර මෙලෙස අතනුරට ලක්වූයේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රෝගීන් රැගෙන ගොස් ආපසු වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටි ගිලන් රථයකි.
ඒ අද(25) අලුයම 1.30 ට පමණයි.
අනතුරෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයින් 4 දෙනා වලස්මුල්ල මූලික රෝහලට අතුළත් කෙරුණු අතර එහිදී සිදුකල ඇන්ටිජන් පරික්‍ෂාවේදී එක් සේවකයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරුවිය.
අනතුරෙන් එක් සේවකයෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු මාතර මහ රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබේ.
773 Views
Comments