ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් වර්ග දෙකකට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව අද(28) පස්වරුවේ මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ලෙබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
1548 Views
Comments