JUN
01
සුපිරි වෙළෙඳසලක ආසාදිත රියැදුරන් 6 දෙනෙක් ලොරියක රහසේම සඟවා තිබියදී හසුවේ

කොවිඩ් 19වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනෙකු රෝහල්ගත කිරීමකින් තොරව ගොතටුව ප්‍රදේශයේ ලොරි රථයක් තුල රහසිගතව සඟවා සිටියදී සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබේ.
පසුව අනාවරණය වූයේ මෙම පුද්ගලයන් හය දෙනා අඹතලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් ජාලයක රියදුරන් බවයි. ඔවුන් ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුව රහසිගතව මෙලෙස ලොරි රථය තුල සඟවා තැබීමට කටයුතු කර තිබුණා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වී ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගැනුනා.
1160 Views
Comments