අදත් ප්‍රදේශ රැසකට වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
25

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද දිනයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක දවල් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

 

මීට අමතරව බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලි මීටර් 75 ක් පමණ තරමක වැසි ඇතිවිය හැකිය.

 

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල පුත්තලම සිට පොතුවිල් දක්වා ඇති මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

 

ගාල්ලේ සිට පොතුවිල් දක්වා විහිදී ඇති මුහුදු ප්‍රදේශයේත් පුත්තලමේ සිට මන්නාරම දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 45 ක් 50 දක්වාත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන ජනතාව වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

678 Views

Comments

arrow-up