TNA මන්ත්‍රීවරු හොර රහසේ පාර්ලිමේන්තුවේ ඉටිපන්දම් දල්වා සැමරුමක
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
19

TNA මන්ත්‍රීවරු හොර රහසේ පාර්ලිමේන්තුවේ ඉටිපන්දම් දල්වා සැමරුමක

TNA  මන්ත්‍රීවරු හොර රහසේ පාර්ලිමේන්තුවේ ඉටිපන්දම් දල්වා සැමරුමක

ඊයේ (19) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු කළු පැහැති ඇඳුම් වලින් සැරසී යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරා පාර්ලිමේන්තුවේදී ඉටිපන්දම් දල්වා තිබෙනවා.

 

මේ සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් කේ සුමන්දිරන්, රාසමානික්කම් සානක්‍යයන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.

 

ඔවුන් මෙලෙස ඉටිපන්දම් දල්වා සැමරීම සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ඔවුන්ට වෙන් කර ඇති කාමරය තුළදී බවයි වාර්තා වන්නේ.

 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර තිබුණේ අදාල මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු පිවිසුමේදී ඉටිපන්දම් දල්වා එය සැමරීමට මුලින්ම උත්සාහ කර බවයි.

 

එසේ නමුත් එහිදී එම උත්සාහය තමා විසින් වැළැක්වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ඉන් පසුව ඔවුන් හොර රහසේම ඔවුන්ට වෙන්වූ කුටියට පැමිණ ඉටිපන්දම් දල්වා මෙම සැමරීම සිදු කර ඇති බව වාර්තා වූ බව වේත්‍රධාරිවරයා පවසා සිටියා.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙවැනි ආකාරයට සැමරුමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන ද බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

 

 

Source - Hiru News

views

1539 Views

Comments

arrow-up