JUN
22
හෙරොයින් සමඟ කුඩු මංගලිකා පොලිස් අත්අඩංගුවට

කැලණිය පට්ටිය පාර පදිංචි 40 හැවිරිදි කළුපහන ගේ මංගලිකා නොහොත් කූඩු මංගලිකා නම් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක්, මුදලින් රුපියක් 50,800ක් සමඟ අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පලාත් දුෂණ මර්දන ඒකකය සමත්ව ඇත.
විකිණීම සඳහා සකසා තිබු හෙරොයින් කුඩා පැකට් 800ක් තුළ හෙරොයින් ග්‍රෑම් 100 ප්‍රමාණයක් තිබූ බවත් මෙහි වටිනාකම් රුපියල් මිලියනයක් පමණ වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (23) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.
7278 Views
Comments