හොර මත්පැන් වලට තිත තියන්න අගෝස්තුවේ සිට මෙහෙයුම්

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 15 වනදා සිට ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීමට මෙරට නිෂ්පාදනය කරන මත්පැන් සහ බීර බෝතල් සදහා කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් හදුන්වා දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසා සිටියේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ සුරාබදු නිලධාරීන් හට ආරක්ෂිත ස්ටිකරය ඇළවීමෙන් පසු මත්පැන් සහ බීර බෝතල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා යන්ත්‍ර 400ක්ද ලබාදෙන බවයි.
සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ සුරාබදු වංචා කරමින් වෙළෙඳපොළට මත්පැන් නිකුත් කළ පාර්ශ්වයන් මෙම කේතය සහිත ස්ටිකරය හරහා කඩිනමින් හදුනාගත හැකි බවයි.
884 Views
Comments