ඥාණසාර හිමි ඝාතන සැලැස්මක් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන්. විහාරස්ථානයට පොලිස් ආරක්ෂාවත් දෙයි.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ඝාතනය කිරීම සඳහා විදේශිය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇති බවට දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා.
මාලදිවයිනේ සිට එම පිරිස මෙරටට පැමිණි ඇති අතර එම පිරිසේ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින බව වාර්තා වී තිබෙනවා.
මේ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමග පෙරට වඩා දැඩි අවධානයෙන් පසුවන ලෙස බුද්ධි අංශය විසින් ඥානසාර හිමියන් වෙත දැනුම් දී තිබෙනවා.
මේ වන විට උන්වහන්සේ වැඩ වසන විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.
913 Views
Comments