පාතාල නායක කොස්ගොඩ තාරකට ඩෙංගු ජාතික රෝහලේ ආරක්ෂාව තර කෙරේ

කුප්‍රකට පාතාල නායක කීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරකට ඩෙංගු රෝගය වැළදී තිබෙනවා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ඔහුට හා තවත් ඔහුගේ සඟයින් තිදෙනෙකුට ඩෙංගු වැලැදී ඇති බව මෙලෙස තහවුරු වී තිබෙනවා.
පසුව කොස්ගොඩ තාරක හ මෙම සෙසු තිදෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක් සමඟය.
මෙම ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය් බළකායේ සෙබළුන් ද යොදවා තිබෙනවා.
මිට ඉහතදී කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් පිරිසට කොරෝනා වෛරසය ද ආසාදනය ද ආසාදිත වී තිබුණා.
කොස්ගොඩ තාරක යනු දකුණේ ප්‍රබල පාතාල නායකයෙක්.ඔහුගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වන්නේ කොස්ගොඩ සුජීය තාරක මීට වසර කිහිපයකට ඉහතදී මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනක් කොල්ල කා පොලිස් නිළධාරියෙකුද ඝාතනය කර තිබුණා.
එහිදි එල්ල වූ ප්‍රතිපහාර මත තාරක තුවාල ලබා පසුව පොලිස් අත්අඩංගුවට පත් වුණා.
657 Views
Comments