අද කාලගුණය

අද දිනයේදී බස්නාහිර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
සවස් කාලයේදී මධ්‍යම, සබරගමුව බස්නාහිර පළාත්වල වළාකුළු වලින් බර වූ ස්වභාවයක් දැකිය හැකිය.
උතුරු, උතුරු මැදත් පුත්තලම දිස්ත්‍රික්කය පැයට කිලෝමීටර 40 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකිය.
දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශය සැලකීමේදී ගාල්ලේ සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ වල වැසි ඇති වේ.
දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් පමණ වේ.
තංගල්ල, මඩකලපුව, පොතුවිල්, පුත්තලම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් අතර වේ.
එම ප්‍රදේශවල මුහුදු කලාපය විටින් විට රළු විය හැකිය.
701 Views
Comments