ලොව පුරා මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනයට හොර රහසේ රිංගු හැකර්

ලොව පුරා සිටින මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අයත් ස්මාර්ට්ෆෝන් 37 ක් සාර්ථක ලෙස හැක් කිරීමට ඊශ්‍රායල් සමාගමක් විසින් හැකින් ඇප් නොහොත් ඔත්තු බලන මෘදුකාංගයක් භාවිත කොට ඇත.
NSO සමූහය විසින් බලපත්‍ර ලබා දී ඇති පෙගසස් (Pegasus) ඔත්තු මෘදුකාංගය 2018 දී තුර්කියේ සවුදි කොන්සල් කාර්යාලයකදී ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදී ජමාල් කෂොග්ගිට සමීප කාන්තාවන් දෙදෙනෙකුගේ දුරකථන ඉලක්ක කර ගැනීමට ඔහුගේ මරණෙන් පසු මෙම මෘදුකාංගයෙ භාවිත කර ඇති බව පෙන්වා දෙයි.
කෙසේවෙතත් NSO සමාගම පවසා ඇත්තේ මෘදුකාංගය, ත්‍රස්තවාදයට හා අපරාධවලට එරෙහිව සටන් කිරීමට රජයේ බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් පමණක් භාවිතා කරන බවයි.
862 Views
Comments