APR
04
ලොරි රථයක ගැටී පොලිස් සැරයන්වරයෙක් මරුට

මිරිහාන පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හන්දිය ප්‍රදේශයේ සිට දෙල්කඳ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ අයිනේ නවතා තිබු යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ සිට පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වූ එම අනතුරේ දී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි මියගොස් තිබෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයෙන් වරයෙකි. ඔහු මරදාන පොලිසියට අනියුක්තව සේවය කර ඇත.
651 Views
Comments