ප්‍රංශයේ රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා මහ පාරට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ප්‍රංශයේ රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා මහ පාරට

ප්‍රංශයේ රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා මහ පාරට

ප්‍රංශයේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

 

ඒ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් සහ රජයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකට විරෝධය පළ කරමිනි.

 

ඊට සමගාමීව පැරිස් අගනුවර පැවති දැවැන්ත විරෝධතාවක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

විරෝධතාව සංවිධාන කර තිබුණේ ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙනි.

 

ඊට ගුරුවරුන්ගේ, සෞඛ්‍ය සේවකයින්ගේ සහ මහජන පරිපාලන නිලධාරීන්ගේ සහාය හිමිව තිබුණි.

 

වැඩවර්ජනය සඳහා ප්‍රංශ සිවිල් සේවකයින් මිලියන 5.7 ඉක්මවූ පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ප්‍රංශ සිවිල් සේවකයින් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇත්තේ සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමිනි.

 

එමෙන්ම ප්‍රංශයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් පසුව සිසුන්ගේ ඉගෙනුම් මට්ටම මත පදනම්ව සිසුන් වර්ගීකරණය කිරීමේ රජයේ තීරණයට ද ගුරුවරුන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

 

සේවක වැටුප් ඉහළ දැමීම, උද්ධමනයේ ඉහළ යාමට අනුකූල නොවන බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

views

81 Views

Comments

arrow-up