ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩිකාවට අසාධාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩිකාවට අසාධාරණයක්

ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩිකාවට අසාධාරණයක්

පසුගිය වසර තුනේ දී අඛණ්ඩව ස්කොෂ් ජාතික ශුරතාවය දිනු ෆාතුම් ඉසඩීන්ව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව තමන්ට සිදුව ඇති අසාධාරණය ට එරෙහිව මේ වන විට අධිකරණයේද සහාය පතා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන ජාතික ස්කොෂ් සම්මේලනය පවසා සිටින්නේ ඇය නිසි පරිදි තේරීම් තරග සඳහා සහභාගි නොවී විදෙස්ගත වීම හේතුවෙන් ඇය තරගාවලියෙන් ඉවත් කල බවයි.

මේ සම්බන්ධයෙන් ඇය අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික ස්කොෂ් සංගමයේ බලධාරීන් තමන්ව අත්තනෝමතික අයුරින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් කරන්නට කටයුතු කර ඇති බවයි.

views

176 Views

Comments

arrow-up