පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බිහිසුණු අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බිහිසුණු අනතුර

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බිහිසුණු අනතුර

 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ පිරිමි කීරින් ඉසව්ව අතරතුර බිහිසුණු අනතුරක් වාර්තා විය.

 

මෙම අනතුර සිදු වී ඇත්තේ පැයට කිලෝමීටර් 70 ක වේගයෙන් ධාවනය කරමින් සිටි එංගලන්ත ක්‍රීඩක ජෝ ටෘමන් ඇතුළු තරඟකරුවන් එකිනෙක ගැටීමෙන්‍ ය.

 

ක්‍රීඩකයා මද වේලවක් සිහිසුන්ව සිට ඇති අතර, අනතුර නිසා ඔහුගේ උරස් අස්ථිය බිඳී ඇත.

 

රෝද පුටුවක් ආධාරයෙන් ටෘමන් ව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.  විදෙස්  මාධ්‍ය වාර්තා කරන්නේ රැස්ව සිටි ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයාට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අත්පොලසන් දුන් බවයි.

views

159 Views

Comments

arrow-up