පොදු රද මඩුලු පදක්කම් ලයිස්තුවේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

පොදු රද මඩුලු පදක්කම් ලයිස්තුවේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට

පොදු රද මඩුලු පදක්කම් ලයිස්තුවේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබෙනවා.

ඒ රන් පදක්කම් 13 ක් රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් 11 ක් සමගින් මුළු පදක්කම් තිස් දෙකක් සමගින්.

පදක්කම් ලැයිස්තුවේ දෙවන ස්ථානය නවසීලන්තය හිමිකරගෙන ඇති අතර ඒ රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් හතරක් 4ක් හා ලෝකඩ පදක්කම් දෙකක් ලෙස සමස්ත පදක්කම් 13ක් සමගින්.

එසේම රන් පදක්කම් පහක් රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් හතරක් සමගින් සමස්ත පදක්කම් 21ක් දිනා සිටින එන්ගලන්තය පසුවන්නේ පදක්කම් ලැයිස්තුවේ තෙවන ස්ථානයේයි.

කෙසේ වෙතත් ඊයේ දිනූ ලෝකඩ පදක්කමත් සමගින් ශ්‍රී ලංකාව පසු වන්නේ 19 වැනි ස්ථානයේයි.

views

158 Views

Comments

arrow-up