දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි

දයාසිරි ලීක්වාන් යූ ට උත්තරයක් දෙයි

 

ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

බණ්ඩාරනායක ජනප්‍රිය තීන්දු ගන්නා විට තමා අමාරු තීරණ ගත් බවත් සිංගප්පූරුවේ අගමැති ලීක්වාන් යූ කිවුවා යැයි කතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් සඳහන් කළ බව කී ජයසේකර මහතා  බණ්ඩාරනායක මහතා සහ මැතිණිය ගත් අමාරු තීන්දු නිසා තමන් ද පොඩි එකෙක් ලෙස පාන් පෝලිමේ සහ භූමිතෙල් ගඳ රෙදි ගන්න පෝලිමේ සිට තිබෙන බව පැවසීය.

 

ජනාධිපතිතුමාගේ මාමණ්ඩිට බණ්ඩාරනායකවරුන්  රට බාරදෙන විට  අය වැය අතිරික්තයක් තිබුණ බවද ජේ. ආර් ජයවර්ධන මහතා මහතා ජනප්‍රිය තීන්දු ගෙන රට නිෂ්පාදන ආර්ථිකයේ සිට යැපුම් ආර්ථිකයක් බවට පත් කළ බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

 

එම කාරණය අවබෝධ කර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බව කී ජයසේකර මහතා මෙය ඉතා අමාරු අය වැයක් බවද  රටක් ලෙස ඉන්නේ අමාරු තැනක බව පිළිගත යුතු යැයිද කීය.
 

views

108 Views

Comments

arrow-up