කාන්තා හා ළමා ගැටලු කියන්න අංකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

කාන්තා හා ළමා ගැටලු කියන්න අංකයක්

කාන්තා හා ළමා ගැටලු කියන්න අංකයක්

 

දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්‍ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ.

 

ළමුන් මුහුණ දෙන ගැටලු පැය 24 පුරාම 1929 අංකයට ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන් සම්බන්ධ පැමිණිළි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 5.15 දක්වා ඉදිරිපත් කළ හැකි බවත් එම රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ළමුන් පිළිබඳ පැමිණිළි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

views

87 Views

Comments

arrow-up