මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා

මෙවරද සුපුරුදු පරිදි මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන බව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

 

නමුත් රටේ පවතින සෞඛය තත්ත්වය හේතුවෙන් ජනතා සහභාගිත්වයකින් තොරව පෙරහැර පැවැත්වෙන බව පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අද (18) මහනුවර දී පැවති මාධ්‍ය හමුවේ දී ඒ් මහතා මේ පැවසීය.

 

දින 10ක් පුරා සජීවිව රූපවාහිනි නාලිකා ඔස්සේ පෙරහැර විකාශනය කිරීමට කටයුතු කරන බවත් දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

 

ඒ් අනුව මෙවර මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැරේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින්, ජුලි මස 20 වන දින උදෑසන යෙදෙන සුභ මෙහොතින් කප් සිටුවීම සිදු කෙරේ.

 

ජුලි මස 20 වන දා සිට ජුනි 24 වන දා දක්වා සතර මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ඒසේම ජුලි මස 25 සිට ජුලි 29 දක්වා දින 5ක් කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

 

ජුලි මස 30 සිට අගෝස්තු මස 3 වන දා දක්වා දින 5ක් පුරා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

 

ඒ් අනුව අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

 

අගෝස්තු 4 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍ය සිදුකරන බවත් එදින දහවල් දිවා පෙරහැර පවත්වා පෙරහැර මංගල්‍ය අවසන් කරන බවත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පැවසීය.

 

views

765 Views

Comments

arrow-up