කොරෝනා වැළදුණු මව සමග දින 21ක් වයස බිළිඳාත් රෝහල් ගත කර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

කොරෝනා වැළදුණු මව සමග දින 21ක් වයස බිළිඳාත් රෝහල් ගත කර

කොරෝනා වැළදුණු  මව සමග දින 21ක් වයස  බිළිඳාත් රෝහල් ගත කර

තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

 

25 හැවිරිදි කාන්තාවක් වන ඇයට දවස් 21ක් වන දරුවෙකු සිටී.

 

කොවිඩ් ආසාදිත මෙම කාන්තාව සමඟ එම බිළිඳා ද රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

 

මෙම කාන්තාව නුවර සිට කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තම ඥාතියෙකුගේ නිවසෙහි සතියක කාලයක් නැවතී සිට කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ආපසු පැමිණ තිබේ.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කළ සිය ඥාතියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

views

691 Views

Comments

arrow-up