අස්වැසුම හිමි නොවන සිසුන්ටත් රුපියල් 6,000ක දීමනාව ලබාදීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

අස්වැසුම හිමි නොවන සිසුන්ටත් රුපියල් 6,000ක දීමනාව ලබාදීමට තීරණයක්

අස්වැසුම හිමි නොවන සිසුන්ටත් රුපියල් 6,000ක දීමනාව ලබාදීමට තීරණයක්

සිසුන් 300ට අඩු සියලුම පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා වන රුපියල් 6,000ක දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

 

එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් සඳහා ද එම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

 

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව  කැබිනට් ප්‍රකාශන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) පැවසීය.

 

අදාළ දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමට නියමිතය.

 

ඒ අනුව,  දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10,096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000/- ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව හිමිවෙයි.

views

142 Views

Comments

arrow-up