අපරාධයකට මුහුණ දුන් විට දැනගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

අපරාධයකට මුහුණ දුන් විට දැනගන්න

අපරාධයකට මුහුණ දුන් විට දැනගන්න

අපරාධ සම්බන්ධව මුල් අධිකරණ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට.සාමාන්‍යයෙන් පොලිස් අධිකරණය කියලත් මෙම අධිකරණය හදුන්වනවා. ඔබ අපරාධයකට මුහුණ දී ඇති විටක අනුගමනය කළයුතු මූලික දෑ මේ ලිපියෙන් පැහැදිලි කරනවා.

ඔබට යම් අපරාධයක් හෝ ඊට සමාන ආරවුලකට මුහුණ දුන්විට මුලින්ම පොලීසියට පැමිණිල්ලක් කරන්න අවශ්‍ය වෙනවා.පොලීසියේදී හොදින්ම මතක තියාගන්න අවශ්‍ය කරුණ තමයි ඔබ කරන පැමිණිල්ල මුල්ම තොරතුර වන නිසා එය ඉතාම නිවැරදිව සටහන් කරන්න ඕන. අපරාධය කරපු තැනැත්තා හදුනා ගන්න බැරිනම් ඒ බව පැමිණිල්ලේ සඳහන් කරන අපරාධකරුගේ හැඩරුව සමග.අපරාධය වුණු ස්ථානයේ අපරාධයට සම්බන්ධ යම් භාණ්ඩ හරි සාක්ෂි හරි තියෙනවනම් ඒවා අස්ථානගත කරගන්නේ විනාශ වෙන්නේ නැතිව පොලීසිය එනකන් තබාගන්න වගබලා ගන්න ඕනෑ.ඇසින් දුටු සාක්ෂිකරුවෝ ඉන්නවනම් ඒ අයගේ විස්තරත් එකතු කරගන්න කටයුතු කරන්න ඕනෑ.

අපරාධය සම්බන්ධව ඔබ මුල් තොරතුර දුන්නට පස්සේ පොලීසියේ වගකීම තමයි අපරාධයක් සිදුවෙලා තියෙනවනම් නඩුව පවරා ඔබ වෙනුවෙන් පවත්වාගෙන යන එක.පොලීසිය මොකක් හරි හේතුවක් නිසා නඩුවක් පවරනේ නැත්නම් ඔබටපුද්ගලිකව පැමිණිල්ලක් උසාවියේ පවරන්න පුලුවන්.

ඔබ මුහුණ දුන්න අපරාධය භාවය අනුව පොලීසියට අපරාධකරු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න පුලුවන් වරදක් වෙන්නත් පුලුවන් නැත්නම් වරෙන්තුවක් අවශ්‍ය වරදක් වෙන්නත් පුලුවන්.ඒ අනුව පොලීසිය අපරාධකරු අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්නේ හෝ අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරවා ගත් මහේස්ත්‍රාත් අධිකරණය මගින්.පොලීසිය මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වන ලියවිල්ලට සාමාන්‍යයෙන් කියන්නේ බී වාර්තාව කියලා.

පොලීසිය ඉදිරිපත් කරන වාර්තාව බලල අපරාධයක සැකකරු උසාවිය ඉදිරියේ ඉන්නවනම් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා තමන්ටම දඩුවම් දෙන්න පුලුවන් සාමාන්‍ය වරදක්නම් නඩුව අහල තින්දුවක් දෙන්න.අපරාධකරු ඔබ නමින් හදුනන්නේ නැත්නම් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට දානවා.එතනදී ඔබගේ වගකීම තමයි හරියට වරදකරුව හදුනාගැනීම.මිනීමැරීම වගේ දරුණු අපරාධ වලට දඩුවම් දෙන්න මහේස්ත්‍රාත් අධිකරණයට බැහැ.ඒක කරන්න පුලුවන් මහාධිකරණයට.ඒ වගේ වෙලාවකදී මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණයක් තියලා මහාධිකරණයට යොමු කරන්න පුලුවන් තත්වයක් තියෙනවද කියලා බලනවා.

ඔබ අපරාධයකට ලක්ව සිටින අවස්ථාවක ඔබට හරි සාක්ෂිකරුවන්ට හරි අපරාධය කල තැනැත්තා විසින් යම් තර්ජනයක් කරනවානම් ඒ ගැන ඉක්මනටම අධිකරණයට හරිපොලිසියට හරි පැමිණිලි කරන්න ඕනෑ.එවන් විටක අධිකරණයට එම තැනැත්තාගේ ඇප අවලංගු කරන්න පුලුවන්.ඒ වගේම අපරාධ වින්දිතයින් ආරක්ෂා කරන්න පනතක් තියෙනවා.එම පනත යටතේ අදාල තැනැත්තා අත් අඩංගුවට ගන්න පුලුවන්.

ඉතින් ඔබ යම් අපරාධයකට ලක්වූ අවස්ථාවක මේ කරුණු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න.

 

 

 

 

 

by Dilki Shamani

views

491 Views

Comments

arrow-up