2050දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ජනපති ගෝඨාභය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

2050දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ජනපති ගෝඨාභය කියයි

2050දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ජනපති ගෝඨාභය කියයි

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා  තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

 

එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

ඊයේ(24) දිනයේ නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමීව ආරම්භ කෙරුණි.

 

“සෑම අයෙකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම” එම සංවාදයේ තේමාව විය.

 

මානව අවශ්‍යතා සපුරාලමින් පෘථිවියේ සෞඛ්‍ය පවත්වාගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බවද සංවාදය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

මිනිසා විසින් ඇති කරන ලද පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා සිටියේය.

 

ඒ අනුව ඉදිරි දශක කිහිපයතුළ මෙම තර්ජනය අවම කරගැනීම සඳහා ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

එම සංවාදයේදී ජනාධිපතිවරයා, වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණුවෙමින් පවතින ජාතීන්ට සහායවන ලෙසදට හැකියාව ඇති සියලු‍ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළේය.

 

තිරසර බලශක්ති සංවර්ධනයට ශ්‍රී ලංකාව අඛණ්ඩවම කැපවී සිටින බවත් වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

 

පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වී, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවටපත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

 

views

633 Views

Comments

arrow-up