ඉම්රාන් ඛාන් අද පස්වරුවේ දිවයිනට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි
එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක් ද සැලසුම් කර ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා – පාකිස්ථාන රජයන් අතර, ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය උපදේශකවරයා මෙන්ම, විදේශ කටයුතු ලේකම්වරයා ඇතුළු පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සංචාරයට එක්වනවා.
එසේම, ඉහළ පෙලේ ව්‍යාපාරික සහ ආයෝජන කණ්ඩායමක්ද ඔහු සමඟ දිවයිනට පැමිණෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
534 Views
Comments