පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - අකුණු අනතුරු අවම කරගන්නා ලෙස උපදෙස්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමන තරමක් තද වැසිද ඇතිවිය හැක.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන හෝගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
786 Views
Comments