කොවිඩ් ආසාදිත මවක් නිරෝගී දරුවෙක් බිහි කරයි

කොවිඩ් ආසාදිත ගැබිනි මවක් නිරෝගී දරුවෙකු බිහි කර ඇති බව වාර්තා වනවා.
කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී මෙලෙස නිරෝගී දරුවෙකු බිහි කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මවක්.
පසුගියදා සිදු කරන ලද PCR පරීක්ෂාවකදී මවට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති අතර එම නිසා ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර දරුවාට කොරෝනා ආසාදිත වී නොමැති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය පවසනවා.
782 Views
Comments