බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන වීම අවශ්‍ය නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන වීම අවශ්‍ය නැහැ

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන වීම අවශ්‍ය නැහැ

 ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජයනිවේදනය කරයි.

 

 

ඒ එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්කිරීම හේතුවෙනි.

 

 

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

 


මීට අමතරව නැබීබියාව, රුවන්ඩාව, බොනයා ශාන්ත යුස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා, මෙන්ම එක්සත් ජනපද වර්ජින් දූපත්වලට සංචාරකයින්ට අද දිනයේ සිට එංගලන්තයට පැමිණිමේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීමට අවශ්‍ය නොවනු ඇති බව වාර්තා වේ.

views

696 Views

Comments

arrow-up