NOV
03
කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුටද කොරෝනා

බලපිටිය – බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
43 හැවිරිදි මෙම වැඩ පරීක්ෂකවරයා පසුගිය 22 වනදා නිවසට පැමිණ යළිත් 25 වන දින නගර සභාවේ රැකියාවට ගොස් ඇති අතර, 31 වනදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඔහුගේ බිරිඳ සහ දරුවන්ද නිවසේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.
748 Views
Comments