රිෂාඩ්ට රැකවරණය දුන් වෛද්‍යවරයා හා ඔහුගේ බිරිද අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

රිෂාඩ්ට රැකවරණය දුන් වෛද්‍යවරයා හා ඔහුගේ බිරිද අත්අඩංගුවට

රිෂාඩ්ට රැකවරණය දුන් වෛද්‍යවරයා හා ඔහුගේ බිරිද අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බදියුදීන්ට රැකවරණය සැපයූ එම නිවසේ පදිංචි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මෙම වෛද්‍යවරයාත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

views

870 Views

Comments

arrow-up