දේවස්ථානයකට සැක සහිත ලෙස ඇතුළු වී පිටව ගිය අයෙකු සොයයි

මන්නාරම පේසාලේ වෙට්රිනායගී කිතුණු දේවස්ථානයට ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සැක කටයුතු ලෙස ඇතුලු වී මද වේලාවක් එහි සැරි සරා පිටව ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් මන්නාරමේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
ඔහුගේ අතේ ශොපිං බෑගයක් පමණක් තිබූ අතර ජැකට් එකකින් ඔහු සැරසී සිටි බව දේවස්ථානය අසල සවි කර ඇති CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.
දේවස්ථානයට පැමිණි අයෙකු ආපසු හැරී යන බව ඊට නුදුරින් සිටි පුද්ගලයෙකු දැක ඒ බව දේවස්ථානයේ පියතුමන්ලාට දැණුම් දිමෙන් පසුව පියතුමන්ලා පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.
පේසාලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
751 Views
Comments