බන්ධනාගාර ගැටුම ගැන අතුරු වාර්තාව බාරදෙයි

මහර බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ ඇමති පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එහි සභාපතිනි
විසින් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද(07) බාර දුන්නාය.
මහර හිරගෙර රදවා සිටි රැඳවියන් පිරිසක් කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇතිවු කලබලකාරී තත්වයෙන් රැදවියන් 11දෙනෙකු ජිවිතක්‍ෂයට පත් වු අතර බන්ධනාගාරයට විශාල අලාභහානියක් සිදුවිය.
බන්ධනාගාරය තුල සිදුවූ සිද්ධිය සොයා බලා වාර්තා කිරීම සදහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කළ කරන ලදී.
760 Views
Comments